Monday 20 December 2010

ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා

ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා


2010 දෙසැම්බර් 16 වැනි දිනට යෙදෙන දිවංගත ආතර් සී. ක්ලාක් මහතාගේ 93 වැනි ජන්ම දිනය   නිමෙත්තෙනි.
  
     චන්ද්‍රිකා පණිවිඩ හුවමාරැ ක්‍රමය ලොවට හදුන්වා දී මානව සංහතිය එකම පවුලක් කළ  ආචාර්ය ආතර් සී. ක්ලාක් 1917 දෙසැම්බර් 16 වැනිදා එංලන්තයේ බටහිර පෙදෙසෙහි පිහිටි සමර්සෙට් ප්‍රාන්ත‍යේ  "මයින්හෙඩ්" නම් වූ කුඩා ගම්මානයේ ගොවි පවුලක උපන්නේය.1936 වකවානුවේ සිටම අභ්‍යාවකාශ තරණය පිළිබදව මනා හැගීමකින් ක්‍රියා කළ රැකියාවට අමතරව විවේක කාළය බොහෝ විටම වැය කළේ විද්‍යා ලිපි ලේඛණ සහ විද්‍යා ප්‍රබන්ධ ලියන්නටයි.1947-1953 කාලයේ ආතර් සී. ක්ලාක් බ්‍රිතාන්‍යයේ අන්තර් ග්‍රහලෝක සංගම‍යේ සභාපති වශයෙන් විශාල වැඩ කොටසක් ඉටු කළේය.


     රොකට්ටු යොදාගෙන මිනිස් සංහතියට සුභ එලදායි වැඩක් කිරීමට කල්පනා කරමින් සිටින විට ‍ක්ලාක්ට පණිවිඩ චන්ද්‍රිකා පිළිබදව සංකල්පය පහළ වූයේය.‍ ගුවන් හමුදාවේ සේවය කරන ගමන් එම සංකල්පය විද්‍යාත්මක නිබන්ධනයක් ලෙස ලියූ ඔහු අදාල ගණනය කිරීම් හා රැපසටහන් ද සහිතව එය එවකට බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙ‍ළේ ඉලෙක්ට්‍රොනික් විද්‍යා ප්‍රකාශනයක් වූ වයර්ලස් වර්ඩ්සගරාවට යැවීය. ඒ ඓතිහාසික ලිපිය පළවූ‍යේ 1945 ඔක්තෝම්බර් කලාපයේයි. අනාගත ලෝකයේ සන්නිවේදය යන මැයෙන් එම සගරාවට ලියූ ලිපිය මානව ඉතිහාසයේ තම නාමය සදහටම රැදවීමට ඔහු සමත් විය. මෙම ඓතිහාසික ලිපියේ සදහන් වූයේ පෘථිවියේ සමකයට සැතපුම් 22,300  ඉහළින් රදවන ලද කෘතිම චන්ද්‍රිකා 3 ක් උපයෝගී කරගෙන පෘථිවියේ ඕනෑම ස්ථානයක සිට දුරකතන පණිවිඩ විශේෂායෙන් රෑපවාහිනී වැඩසටහන් ලොව ඕනෑම ස්ථානයකට ප්‍රචාරය කිරීමට ඇති හැකියාවයි. ගුවන් යානා පවා එතරම් දියුණුවක නොපැවති යුගයක මෙතරම් උසකින් චන්ද්‍රිකා සම්ප්‍රේෂණය කිරීම සිතීමට ක්ලාක් මහතා කෙතරම් බුද්ධිමත් පුද්ගලයෙකු විය යුතුද?

     1950 දී පමණ ලේඛන කලාවට පූර්ණ කාලීන කැපවීමත් සමග ඔහු ඒ වන විටත් උනන්දුවෙන් කරමින් සිටි දියයට කිමිදීමේ වැඩ කටයුතු වලද යෙදෙන්නට විය. ඒ වන විට අභ්‍යවකාශ යුගය තවමත් එළඹී නොතිබූ අතර කිසිම මිනිසෙකු අභ්‍යවකාශයට ගොස් බර රහිත තත්වය අත්දැක තිබුණේ නැත. එහෙත් යම්කිසි දිනෙක මිනිසාට ඉහළ අභ්‍යවකාශයේ අත්දැකිය හැකි බර රහිත තත්වයට සෑහෙන දුරට සමාන තත්වයක් හා වින්දනයක්, දිය යට කිමිදී දියේ නිදහසේ චලනය වන විට දැනෙනු ඇති බවට ක්ලාක් මතයක් පළ කළේය. මේ මතය හරියටම හරි බවට පසු කාලයක මිනිසුන් සැබැවින්ම අභ්‍යවකාශයට ගොස් බර රහිත තත්වය අත්දුටු පසු සනාථ විය.

     1954 දෙසැම්බර් මාසයේදී ප්‍රථම වරට ක්ලාක් මහතා කොළඹ වරා‍යෙන් ලංකාවට සැපත් විය. 1956 සිට ඔහු වසරකට වරක් ලංකාවට පැමිණ දිග නිවාඩුවක් ගත කිරීමට අමතක නොකළේය. ශ්‍රි ලංකාවේ දී සමුද්‍රජීවී විද්‍යාඥයකු වූ රොඩ්නි ජොන්කලාස්, ඡායාරෑප ශිල්පියෙකු සහ චිත්‍රපටිකරැවෙකු වූ  මයික් විල්සන් සමග ක්ලාක්  මුහුද යට කිමිදීමේ කටයුතු වල නිරත විය. මේ තිදෙනා එකතුව සෑදු ලක් මුහුද යට වාර්තා චිත්‍රපටිය ලොව පුරා ප්‍රචලිත විය.

     ආතර් සී. ක්ලාක් මහතා විසින් ලියූ විද්‍යා ප්‍රබන්ධ සිය ගණනකි. ඒවා ලෝකය පුරා වැඩිම වැඩිම ජනප්‍රසාදයක් දිනා ගත් වැඩිම අලෙවියක් සිදු වූ නිර්මාණ විය. එම අගනා ග්‍රන්ථ වලින් සමහරක් චිත්‍රපටයට නගා ඇත. ඔහු ලියූ 2001 ස්පේස් ඔඩෙයි ග්‍රන්ථය ඇසුරින් ස්ටැන්ලි කුබ්රික් නැමති සිනමා කරැවා සමග එක්ව තැනූ චිත්‍රපටය ලෝපුරා ලක්ෂ සංඛාත පිරිසක් නැරඹු ග්‍රන්ථය සහ 2010 ඔඩෙහි 2 යන ග්‍රන්ථ වල පිටපත් ලක්ෂ ගණනින් ලොව පුරා අලෙවි විය.

     ආතර් සී. ක්ලාක් මහතා අනාවැකි පළ කිරීමේ විශේෂඥයෙකි. ‍මේ විස්මිත පේන කීමේ හැකියාව නිසාම ලොව පුරා විද්වත්හූ අතරේ ඔහු මහා පුරැෂටයකු ලෙස පිළිගැනින. ඔහුගේ අනාවැකි සියල්ලක්ම වර්තමානයේ සත්‍ය බවට තහවුරැ වී තිබෙනවා. 2000 වසර වන විට ලොව බොහෝ දෙනා අත ජංගම දුරකථන භාවිතා වන බවට ඔහු අනාවැකි පළ කළේ මීට වසර 50 ට පමණ පෙරදීය.

     තම ජීවිත කාලයේ අවසන් කාලය අසනීපව ගත කළ ක්ලාක් මහතා 2008 මාර්තු 19 වැනි දින කොළඹ පෞද්ගලික රෝහලක දී අවසන් හුස්ම හෙලුවේය.